දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් අසල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
පොහොය දිනයත් සමග නිවාඩු සමය එළැඹීම හමුවේ ජනතාව විනෝද චාරිකා ඇතුලු ගමන් බිමන්වල නිරතවීම ඊට හේතුව බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම තත්වය මත කඩවතින් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුලුවීමට සහ ගොඩගමින් පිටවීමට අමතර දොරටුවක් බැගින් විවෘත කර තිබේ.
රථවාහන තදබදයක් ඇතිවීම වළක්වාගැනීමට නියමිත මංතීරුව අනුගමනය කරන ලෙසටද රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කෙරෙයි.








