FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියා සරණාගතයන් පිළිබද ප්‍රතිපත්තිය පෙර පරිදිම දැඩියි – ක්‍රෙග් ෆුරිනි..

 

සරණාගතයන් පිළිබඳ කිසි දින වෙනස් නොවන ඕස්ට්‍රේලියා ප්‍රතිපත්තිය පෙර පරිදිම දැඩි බව ඔස්ට්‍රේලියා දේශ සීමා මෙහෙයුමේ නව අණ දෙන නිලධර මේජර් ජනරාල් ක්‍රෙග් ෆුරිනි කියයි.

එහි කිසිදු වෙනසක් සිදු නැතැයි ද ඔස්ට්‍රේලියා ස්වර්ණමය දේශ සීමා මෙහෙයුමේ නව අණ දෙන නිලධර මේජර් ජනරාල් ක්‍රෙග් ෆුරිනි කියයි.

එමඟින් දේශ සීමා ආරක්ෂා කිරීමේ ස්වර්ණමය මෙහෙයුම තවත් ජව ගැන්වෙනු ඇති බව ද පෙන්වා දුන්නේ ය.

ඔස්ට්‍රේලියා ස්වර්ණමය දේශ සීමා මෙහෙයුමේ නව අණ දෙන නිලධරයා ලෙස මේජර් ජනරාල් ක්‍රෙග් ෆුරිනි මේ සතියේ සිට රාජකාරි ආරම්භ කළේ ය.

මේජර් ජනරාල් ක්‍රෙග් ෆුරිනි සිය හමුදා දිවියේ වසර 28 ක් ගත කළ අත්දැකීම් සහිත නිලධරයෙකි. ඔහු ගේ සැලසුම් හා මෙහෙයුම් අත්දැකීම් ඔස්ට්‍රේලියා ස්වර්ණමය දේශ සීමා මෙහෙයුම වඩාත් ජවසම්පන්නව ඉදිරියට ගෙන යාම පිණිස උපකාරී වනු ඇති බව ද ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටන් කියා සිටියේ ය.

ඔහු මෙම ධුරයට පත්වන්නේ මේජර් ජනරාල් පීටර් ඔස්බෝර්න් ගේ ඇවෑමෙන් පුරප්පාඩු වූ තනතුරු සඳහා ය.

ඔස්ට්‍රේලියා දේශ සීමා ආරක්ෂක අංශය, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඕස්ට්‍රේලියාවට ඇතුළු වන ඕනෑම යාත්‍රාවක් හඳුනා ගෙන හසු කර ගැනීම තහවුරු කිරීමේ උත්සාහයන් වැඩි කර ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

තම දේශ සීමා ආරක්ෂා කර ගැනීමට හා මිනිස් ජාවාරම මැඬලීම සඳහා ඕස්ට්‍රේලියාව දැඩි පියවර ගනිමින් සිටින බව ද ඔහු කියා සිටියේ ය.

ඔස්ට්‍රේලියා රජය ක්‍රියාත්මක කළ දේශ සීමා ආරක්ෂා කිරීමේ ස්වර්ණමය මෙහෙයුම (Operation Sovereign Borders) නිසා ඕස්ට්‍රේලියා ජනතාවට නිදහස්ව දිවි ගෙවිය හැකි වාතාවරණයක් දැන් ගොඩනැඟී ඇතැයි ඔස්ට්‍රේලියා ස්වර්ණමය දේශ සීමා මෙහෙයුමේ නව අණ දෙන නිලධර මේජර් ජනරාල් ක්‍රෙග් ෆුරිනි අදහස් දක්වමින් පවසා සිටියේ ය.

මේ වනවිට නීති විරෝධී ලෙස තම රටට ඇතුළුවීමට උත්සාහ ගත් පුද්ගලයින් 74 දෙනෙකු රැගත් යාත්‍රා 29ක් පමණ පමණ යළි හරවා යැවීමට පියවර ගෙන තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.