FAST NEWS

24×7 Around the Globe

IMF උපදෙස් අනුවම ක්‍රියාත්මක නොවී ජනතාවට සහන දෙන්න – මහින්ද රාජපක්ෂ

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උපදෙස් අනුවම ක්‍රියාත්මක නොවී ජනතාවාදී වන ලෙසටත් බඩු මිල සහ බදු බර අඩු කරමින් රටේ ජනතාවට සහන ලබාදෙන ලෙසටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.

ඒ, මුදල් ඇමති මංගල සමරවීර විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට අදාල පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනුයි.

එමෙන්ම පාලකයන් වශයෙන් මෙම සහන ජනතාවට ලබානොදීම පිළිබඳව නිදහසට කරුණු නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා සදහන්කර සිටියේ තමන් ආණ්ඩුව භාර ගනිද්දි රට දැඩි අස්ථාවරභාවයක තිබූ බවත් පසුගිය කෙටි කාලය තුලදී ජනතාවට සහන ලබා දීමට හැකියාව ලැබූ බවත්ය.