FAST NEWS

24×7 Around the Globe

මෙවර ශ්‍රී පාද වන්දනා සමය හෙටින් ඇරඹෙයි…

 

මෙවර ශ්‍රී පාද වන්දනා සමය හෙට (22) උදුවප් පෝ දිනයෙන් ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී පාද අවාරයේ පැල්මඩුල්ල – ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර තිබූ සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ ඊයේ පස්වරුවේ සුභ නැකතකින් වඩම්මවා ජනතාවට වැද පුදා ගැනීමට අවස්ථාව සලස්වා තිබුණි.

අද අලුයම සිට සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ රැගත් පෙරහර මාර්ග 02 ක් ඔස්සේ ශ්‍රී පාද පද්මය වෙත වැඩම කෙරෙනු ඇත.

ශ්‍රී පාද පද්මය පිහිටුවා වසර 2600 ක් සපිරීම නිමිත්තෙන් මෙවර ශ්‍රී පාද මුළුවේ විශේෂ පිංකම් රැසක් ද සිදුකරන බව ශ්‍රී පාදස්ථානාධිපති රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් සදහන් කර සිටියහ.