FAST NEWS

24×7 Around the Globe

පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගතකරයි..

 

සිය කාර්යාලය තුළදී රුපියල් 50,000 ක අල්ලසක් ලබාගැනීීමට තැත් කිරීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අත්අඩංගුවට ගත් පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් මෙම අල්ලස් මුදල ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඊයේ (19) පස්වරුවේ අදාළ සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.