ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට අද (20) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති අතර අදාළ සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.
මෙම වෙඩි ප්‍රහාරයෙන් නිවසේ ප්‍රධාන දොරටුවට හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.








