FAST NEWS

24×7 Around the Globe

යාපනය දිස්ත්‍රික්කයේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි…

 

යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ඊයේ (19) පස්වරුවේ සිට අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන ඇත.

ඒ යාපනය දිස්ත්‍රික්කය තුළ පිහිටි ඇතැම් පොලිස් ස්ථානයන්හි අපරාධ මැඩලීම දුර්වල හා පහළ තත්වයක පැවතීම හේතුවෙනුයි.

යාපනය දිස්ත්‍රීක්කය තුළ පිහිටි පොලිස් කොට්ඨාස 09 ම නිවාඩු අවලංගු කිරීමට මේ අනුව කටයුතුකර ඇත.

අදාළ නිවාඩු අවලංගු කිරීම සම්බන්ධයෙන් යාපනයේ බොහෝ පොලිස් නිලධාරීන් පිරිසක් දැඩි කනගාටුවකට පත්ව ඇත.

ඒ , අපරාධ මැඩලීමේදී ඇතම් පොලිස් ස්ථානයන් ඉතා ඉහළ අගයක් ගන්නා අතරම ඇතැම් පොලිස් ස්ථාන පහළ අගයක් ගන්නා අවස්ථාවේදී පහළ අගයක් හෝ අපරාධ මැඩලීමේ දුර්වල පොලිස් ස්ථානයන්ට පමණක් නිවාඩු අවලංගු කිරීම සිදු නොකර සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම හේතුවෙනුයි.