ලබන වසරේ නව පාසල් වාරය ආරම්භ වීමට පෙර දිවයිනේ සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතනයන්හි මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ලබන 30 සහ 31 දෙදින ඒ සඳහා වෙන්කරන ලෙසට සියලුම විදුහල්පතිවරුන්, ඇතුළු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කළ බවද එම නිවේදනයේ සදහන්.
ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බැවින් දෙමාපියන් හා එක්ව මෙම කටයුත්ත සිදුකරන ලෙස එම අමාත්‍යංශය සදහන් කරයි.
මේ අතර බස්නාහිර පළාතේ මදුරු කීටයින් සහිත ස්ථාන 1302 ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.








