FAST NEWS

24×7 Around the Globe

නව අමාත්‍ය මණ්ඩලය අද (20) දිවුරුම් දෙයි..

 

නව කැබිනට් මණ්ඩලය අද (20) පෙරවරු 8.30 ට ජනාධීපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

අමාත්‍ය ධුර සඳහා එක්සත් ජාතික පෙරමුණේ නාමලේඛනය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුණේ ඊයේ (19) දිනයේදියි.

මලික් සමරවික්‍රම සහ මනෝ ගනේෂන් යන හිටපු අමාත්‍යවරුන් අමාත්‍ය ධුර භාර නොගෙන සිටීමට කැමැත්ත පළ කර තිබූ අතර, රිෂාඩ්  බදියුදීන් හිටපු අමාත්‍යවරයාද ඒ පිළිබඳව සළකා බැලීමට එකඟත්වය පළ කළ බව වාර්තා විය.