මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් දෙදෙනෙක් කටයුතු කරන බව ආර්. සම්බන්ධන් මහතා අද (19) පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශක් සිදු කරමින් සඳහන් කළේය.
ඒ අනුව තමන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද විපක්ෂනායක ලෙස කටයුතු කරන බව මෙහිදි අවධාරණය කළේය.
එසේම කථානායකවරයා තමන්ව විපක්ෂනායක ධූරයෙන් ඉවත් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.








