FAST NEWS

24×7 Around the Globe

නාමල් කුමාරගේ දුරකථනයේ මකා දැමු හඬ කොටස් අධිකරණයට..

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අනාවරණයක් කල නාමල් කුමාරගේ දුරකථනයේ තිබී මකා දැමූ බව කියන හඬකොටස් කිහිපයක මුල් පිටපත් සහිත පෙන් ඩ්‍රයිව් උපකරණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අද (19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ලබා දී තිබේ.

පසුගියදා හොංකොං බලාගිය නිලධාරීන් පිරිස මෙම හඬපට කොටස් නැවත ලබාගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි.