FAST NEWS

24×7 Around the Globe

එජාපය යළි අයවැය පරාජයට පත් වෙයි..

 

තංගල්ල නගර සභාවේ 2019 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව අද (19) දෙවැනි වතාවටත් පරාජයට පත් වී තිබේ.

ඒ අනුව සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා සභාවට දෙවැනි වරටත් ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද තුනකින් පාරජය වී ඇත.

අයවැයට පක්ෂව සභාපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කර තිබේ.

පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරුන් හත් දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනාත්, ජනතා විමුක්ති පෙරමුණෙහි එක් මන්ත්‍රීවරයෙක්ද මෙවර අයවැයට විපක්ෂව ඡන්දය භාවිතා කර තිබේ.

එසේම ජනතා විමුක්ති පෙරමුණෙහි එක් මන්ත්‍රීවරයෙක් මෙවර සභාවට සහභාගී වී නොමැත.

2019 වර්ෂය සඳහා වන අයවැය මෙම මස 05 දින පළමු වරට සභාපති රවිඳු දිල්ෂාන් මහතා විසින් ඉදිරිපත් කළ අතර එහිදීද අයවැය ඡන්ද තුනකින් පරාජයට පත්වු අතර එම අයවැය සංශෝධනය කිරීමෙන් අනතුරුව යළි අද ඉදිරිපත් කර තිබේ.