සීදූව සහ බෙලිඅත්ත ප්රදේශවල වෙඩි තැබීම් දෙකක් සිදුව ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
එක් වෙඩි තැබීමක් සීදූව – ලියනගේමුල්ල ප්රදේශයේදී සමාජශාලාවක් තුළ අද (19) අළුයම 2.30 – 3.00 අතර කාලයේ සිදුව ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ 34 හැවිරිදි සීදූව රද්දොළුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු මේ වන විට මීගමුව රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.
අදාළ සමාජ ශාලාව තුලට පැමිණි පිරිසක් සහ එහි සේවකයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව මූලික විමර්ශණවලදී අනාවරණය වී තිබේ.
මෙම වෙඩි තැබීම සමාජ ශාලාවේ හිමිකරු විසින් සිදුකර ඇති බවට අතර අතර සිද්ධියට සම්බන්ධ සැකරකැවන් ප්රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
මේ අතර අනෙක් වෙඩි තැබීම බෙලිඅත්ත – ගැටමාන්න – කොස්ගස්හන්දිය ප්රදේශයේදී ඊයේ (18) රාත්රි 8.35ට පමණ සිදුව තිබෙන බවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවත් පොලිසිය ප්රකාශ කරයි.
සිද්ධියෙන් තුවාල ලැබූ 24 හැවිරිදි බෙලිඅත්ත – මහහීල්ල ප්රදේශයේ පදිංචි තරුණයෙක් තංගල්ල මූලික රෝහලේ මේ වන විට ප්රතිකාර ලබමින් සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.








