FAST NEWS

24×7 Around the Globe

නව අමාත්‍ය මණ්ඩලය සඳහා යෝජිත නම් අද පස්වරුවේ ජනපති වෙත…

 

ජනාධිපතිතුමා වෙත නව අමාත්‍ය මණ්ඩලය සඳහා පත්කිරීමට යෝජිත මන්ත්‍රීවරුන් 30 කගේ නාම ලේඛනයක් අද (18) ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය.

එක් එක් මන්ත්‍රීවරුන්ට බාරදීමට නියමිත අමාත්‍යංශ හා විෂය පමණක් ඇතුළත් ලැයිස්තුවක් ද ඒ සමඟ භාරදීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂවල නායකයින් ද නව අමාත්‍ය මණ්ඩලය සඳහා යෝජනා වී ඇතැයි අදාළ මන්ත්‍රීවරයා පැවසුවේය.