FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව අද (18) පස්වරුවේ රැස් වෙයි..

රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අද (18) පස්වරු 01 ට පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව පළමු වතාවට රැස් වෙයි.

අද (18) දිනයේදි කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු සැසිවාර කිහිපයක් වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද (18) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වන බව එම සන්ධානය කියයි.

මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරු සම්බන්ධයෙන් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12.00ට පක්ෂ නායක හමුවේදී තීරණයක් ගන්නා බව කථානායක කාර්යාලය පවසයි.

පසුගිය සැසිවාරයන්හි වසා තැබුවද නව සැසිවාරය අතරතුරදී මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය සීමාවන්ට යටත්ව විවෘත තබන බව කථානායක කාර්යාලය සඳහන් කළේය.