නව රජයට සහය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම තීරණය කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
එම මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමග ඊයේ (17) රාත්‍රි පැවති සාකච්ඡාවෙදී මෙම තීරණයට එළඹි බවත් එ මහතා පැවසීය.
ඒ අනුව පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ අසුන් ගනිමින් ඉදිරියට කටයුතු කරන බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.








