ලංකාවේ උද්ගතව තිබූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල මෙන්ම සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබාදීම අගය කරන බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නිවේදනය යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නේවාසික තානාපතිතුමන්ලාගේත්, නෝර්වේ තානාපතිතුමාගේත්, එකඟතාව මත යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය විසින් නිකුත් කර ඇත.
ලංකාවේ ප්‍රජාතාන්ත්‍රවාදී ආයතන යථා තත්ත්වයට පත්වීම පිළිබදවත් එම සංගමය ප්‍රශංසාව පළකර සිටියි.
එමෙන්ම මෙරට ජාතික ප්‍රතිසන්ධානය උදෙසා සහ සියලු ශුභසාධන කටයුතු සදහා තවදුරටත් සහය දක්වන බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයෙන් දැක්වෙයි.








