FAST NEWS

24×7 Around the Globe

ගින්නක් ඇති වේ යැයි බියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ඉවතට..

 

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයේ ගෑස් කාන්දුවක් සිදු වී යැයි පැතිර ගිය ආරංචියක් සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් මීට සුළු මොහොතකට පෙර කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳව මෙතෙක් තහවුරු වි නොමැති බවත් ,පාර්ලිමේන්තු පොලීසිය හා ආරක්ෂක අංශ මේ පිළිබඳව සෝදිසි කටයුතුහි නියැලෙන බවත් වැඩි දුරටත් වාර්තා වේ.