කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
හෙට පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඊට පෙර පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇත.
පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තුවේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
හෙට දින පාර්ලිමේන්තු සභාවාරයට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහභාගී විමටද නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.








