නව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුව අරලියගහ මන්දිරයෙන් නික්ම වික්රමසිංහ පවුලට අයත් කොල්ලුපිටියේ පිහිටි නිවසේ පදිංචියට ගොස් ඇත.
ශ්රී ලංකාවේ 14 වන අගමැතිවරයා වන්නේ රනිල් වික්රමසිංහ මහතායි.
රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති පාක්ෂික හමුව අවසන් වූ පසුව මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මිය ඊයේ (16) දහවල්ම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියාය.
පසුගිය ඔක්තෝබර් 26 වැනිදා රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්යධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව ඔහු අරලියගහ මන්දිරයේ රැඳී සිටීමට තීරණය කළ අතර මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මිය ද මුළු කාළය තුළම එහි ගත කළාය.
යහපාලන රජය 2015 ජනවාරි 08 වනදා පිහිටුවීමෙන් පසුව ඔක්තෝබර් 26 වනදා දක්වා කාලය තුළදී රනිල් වික්රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ රාත්රීන් දෙකක් පමණි.








