FAST NEWS

24×7 Around the Globe

කැබිනට් මණ්ඩලය දිව්රුම් දීම හෙට (18) – ශ්‍රීලනිප මන්ත්‍රීන්ට සම්මුඛ පරීක්ෂණයක්..!

 

නව කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දෙන බව අරලියගහ මන්දිරයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමීන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර සඳහන් කළේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩබල් ගේම් කාරයෝ අලුත් ආණ්ඩුවට ගන්නේ නැහැ” යනුවෙන් හෙතෙම මෙහිදි ප්‍රකාශ කර සිටි ශ්‍රීලනිප මන්ත්‍රිවරු එක්කර ගන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික තීරණය අනුව සම්මුඛ පරීක්ෂණ පවත්වන බවද හෙතෙම පැවසීය.