FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා වැසි අඩුවී සීතල වැඩි වෙයි…

 

දිවයිනට නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “පේතායි ”කුණාටුව සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමෙන් දිවයින පුරා වැසි රහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නිරත වීමේදී විමසිලිමත් වන ලෙසද එම දෙපාර්තමේන්තුව ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ දිනවල තරමක ශීත කාලගුණික තත්ත්වයක් ද අපේක්ෂා කළ හැක.

උතුරු සහ ඊසාන දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 50 ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර 60 ක් දක්වා ද ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.