පසුගිය දිනවල පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇති වූ කළහකාරී තත්ත්වය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇත.
ගැටුම සිදුවන අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට පහර දීම, මිරිස් කුඩු ගැසීම සහ පොදු දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් අදාළ විමර්ශන පැවැත්වෙනු ඇත.
ඊට අදාළව පුද්ගලයන් කීපදෙනෙකුගෙන් ප්රකාශ සටහන් කර ගැනීමද සිදුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.








