FAST NEWS

24×7 Around the Globe

2018 වසරේ රාජ්‍ය නත්තල් උත්සවය මන්නාරමේදී…

 

2018 රාජ්‍ය නත්තල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

විචිත්‍රවත් අංග ගණනාවකින් මෙම උත්සවය සමන්විත වූ අතර නිර්මාණ තරගවල ජයග්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

අපෝස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති අතිඋතුම් දේවධර්මාචාර්ය වින්සන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, මන්නාරම රදගුරු අති උතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමන් ඇතුළු පියතුමන්ලා සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන් රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

2018 රාජ්‍ය නත්තල් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මන්නාරමේ දී