FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවිරුම් දෙයි..

 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුලු වේලාවකට පෙර ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පෙරවරු 11 යි 16 ට යෙදී තිබූ සුබ මෙහොතින් එම දිවුරුම්දීම සිදුවුණේ ජනාධීපති ලේකම් කාර්යාලයේදීය.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය වරයා රනිල් වික්‍රමසිංහ මහතා පත් වු 05 වන අවස්ථාව මෙයයි.