මහින්ද රාජපක්ෂ මහතා සිය අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර ඇත.
කොළඹ විජේරාම මාවතේ පිහිටු ඒ මහතාගේ නිල නිවසේදී මෙම ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර තිබේ.
නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදෙමින් තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.








