FAST NEWS

24×7 Around the Globe

ලබන 18 පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවට…

එළැඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අධිකරණය තින්දුවක් ලබා දි ඇති බැවින් මෙම තීරණය ගන්නා බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව රැස්වූවාට පසු  ව්‍යවස්ථාවට ,ස්ථාවර  නියෝගවලට අනුව යෝජනාවක් ගෙනවිත්  බහුතරය උරගා බැලීමේ අවස්ථාවක් මන්ත‍්‍රීවරුන්ට ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය.