FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කීපයකට පැය 18ක ජල කප්පාදුවක්…

 

මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට හෙට පස්වරු 6.00 දක්වා මෙය ක්‍රියාත්මක වන බවත් එම මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අඩාල වනු ඇත.