FAST NEWS

24×7 Around the Globe

අතුරු තහනම් පිළිබඳ පෙත්සම විභාගය ජනවාරියට..

 

අග්‍රමාත්‍ය ධූරයට හා අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම තවදුරටත් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) තීරණය කළේ ය.

 පැනවූ අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කළ අභියාචනා සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) උදැසන සිට සිදු විය.

අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනය විනිසුරු මඩුල්ල බහුතරය විනිසුරුවරුන්ගේ එකඟත්වය මත විභාග කිරීමට අවසර දුන් අතර එම විභාගය ජනවාරි මස 16,17 සහ 18 යන  දිනවල පවත්වන බව නියම කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ගොනු කළ එම පෙත්සම් ඊවා වනසුන්දර,  බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීම  සිදු විය.