අධිකරණයට අපහාස කළායැයි හිටපු අගවිනිසුරුවරයෙක් සරත් එන් සිල්වා මහතාට එරෙහිව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය හේවා වඩුගේ සිරිල් සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
ඉකුත් තුන් වනදා ජාතික එකමුතුව මඟින් මරදාන ප්‍රදේශයේ පැවැත්වූ රැස්වීමකදී අදහස් පළ කළ හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බව අදාළ පෙත්සම් මගින් අවධාරණය කර තිබේ.
එමෙන්ම ඉකුත් ඔක්තෝබර් මස 18 වනදා ද ඔහු මෙ ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශයක් ඔහු විසින් සිදු කර ඇති බවද එමගින් පෙන්වා දී ඇත.
එම ප්‍රකාශ තුළින් අධිකරණය හමුවේ පවතින කරුණක් පිළිබඳව හිටපු අගවිනිසුරුවරයා අදහස් පළ කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම ප්‍රකාශය තුළින් අගවිනිසුරුවරයා අපහාසයක් සිදු කර ඇති බවද චෝදනා කර ඇති අතර ඒ අනුව හිටපු අගවිනිසුරුවරයාගෙ මෙම ක්‍රියාකලාපය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන මෙන්ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.








