අද (14) පස්වරු 7.00 සිට පැය 24 ක කාල සීමාවක් නුවර වැව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
මේ අනුව අනුරාධපුර නගරය, විජයපුර, යාපනය හන්දිය, කුරුන්දන්කුලම් සහ රඹෑව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
මීට අමතරව අනිද්දා (16) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉරිදා පස්වරු 6.00 දක්වා පැය 18 ක කාලයක් ද මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර ඇත.
මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලූ අතුරු මාර්ගවල එහිදී ජල සැපයුම අත්හිටුවනු ලබයි.








