FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළට මුහුණ දුන් අපේකෂකයින් 05 කගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර…

 

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් 05 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

අදාළ අපේක්ෂකයන් විභාගය අතරතුර සිදුවූ විවිධ අක්‍රමිකතා සම්බන්ධව චෝදනා ලැබ ඇති හෙයින් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

පසුගියදා අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගය අතරතුර විභාග වංචා සම්බන්ධයෙන් අපේක්ෂකයන් කීපදෙනෙක් සහ ගුරුවරියක් ඇතුළුව 07 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ද මේ වන විට ක්‍රියාත්මක වෙයි.