FAST NEWS

24×7 Around the Globe

ලබන සඳුදා නව ආණ්ඩුවක් – ජනපති…

 

ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම සමග හමුවක් පැවැත්විය.

එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ලබන සඳුදා වන විට ආණ්ඩුවක් පත්කර නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බවයි.

එම ආණ්ඩුවේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළතදී තීරණය කෙරෙණු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන්නේනම් එම ආණ්ඩුවේ තනතුරු ලබාගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.