අධිකරණය විසින් ලබාදෙන ඕනෑම තීන්දුවක් පිළිගන්නා බවත් එම තීරණය අනුව කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (13) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කර ඇත.
මැතිවරණය පැවැත්වීමට තීන්දුව ලැබුණහොත් හෙට (14 ) සිට ගොඩනගා තිබෙන සන්ධානයේ වැඩ ආරම්භකරන බවද එම පක්ෂයේ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
අද පස්වරුවේ අධිකරණ තීන්දුව ලැබීමෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ නියෝජිතයන් රැස්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.








