එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පුංචි බොරැල්ලේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමීන් පැවසීය.
ජනාධිපතිවරයා නිකුත් කළ පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය හා අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය සම්බන්ධයෙන් අද (13) හෙට (14) දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දු අනුව ගත යුතු ඉදිරි පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරිමට නියමීත බවද පැවසේ.








