ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන විස්සක් වටිනා සමාගම් කොටස් විකුණා එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලැබ පාර්ලිමෙන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව නඩුව අප්‍රේල් 02 වනදා විභාගයට ගැනීමට කොළඹ වාණිජ මහාධිකරණය අද (13) දින නියම කළේය.
එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා අධිකරණය විසින් අවවාද කරනු ලැබුවේය.
ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන විස්සක් පමණ වටිනා සමාගම් කොටස් විකුණා එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.








