මෙරට වන ඝනත්වය ඉහළ නැංවීම වෙනුවෙන් බීජ පිපිරවීමේ (Seed Bombing/බීජ ගුවන් මගින් ඉසීමේ) ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලිකත්වයෙන් ඊයේ (12) ක්‍රියාවට නංවා ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ මාස් හෝල්ඩිංග්ස් සමාගම එක්ව මෙම වැඩසටහන සිදුකර ඇත.
මෙහිදී රනෝරාව රජයේ වනාතරයට බීජ 5000 ක් පමණ ගුවනේ සිට පතිත කිරීම සිදුකර තිබේ.
කරඳ, මී, කුඹුක් යන වර්ගවලට අයත් බීජ 5000 ක් මෙසේ අක්කර පහක භූමියක් වෙත පතිත කර ඇත.
2030 දී ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 27% සිට 32% ක් දක්වා වර්ධන කිරීමේ වැඩසටහනට සමගාවීමට මෙම මෙහෙයුම දියත් කර තිබේ.












