FAST NEWS

24×7 Around the Globe

එජාපය ඊවා නොමැති පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි..

 

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ආණ්ඩු කිරීම අත්හිටුවමින් ලබා දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගය සඳහා ඊවා වනසුන්දර මහත්මිය නොමැති පංච පුද්ගල හෝ ඊට වැඩි පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලෙස එල්ලමින් එක්සත් ජාතික පක්ෂය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසම් ගොනු කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයත්, අනිත් පිරිසට ඇමැති ධුරත් දැරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා පෙත්සමක් ගොනු කළ අතර එය හෙට (14) සලකා බැලීමට නියම කෙරුණි.