විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට නැවත ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මීළග පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබද තවදුරටත් සාකච්ඡා කරන බවද බිමල් රත්නායක මන්ති‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය.








