කම්කරු දෙපාර්තමේන්තුව මේ වන විට බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බවත් කම්කරු නිළධාරින්ගේ ගමන් වියදම් දීමනා ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ඉදිරි සතිය තුළ මෙම ගැටළුවට විසඳුම් නොලැබුණහොත් කම්කරු නිලධාරින් ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත්වීමට තීරණය කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.








