ඊයේ (12) දිනයෙන් අවසන් වූ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වන දින සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
උත්තර පත්‍ර ඇගයීමේ පළමු අදියරේ කටයුතු ලබන 23 වන දින සිට ජනවාරි 01 වනදා දක්වාත් දෙවන අදියරේ කටයුතු ජනවාරි 08 සිට 17 වනදා දක්වාත් සිදුකිරීමට නියමිතව ඇත.
දිවයින පුරා පිහිටි පාසල් 107 කදී පළමු අදියරේ ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිතය.
ඒ සදහා ගුරුවරුන් පුහුණු කිරීමේ සැසිවාර ලබන 18, 19, 20 සහ 21 යන දිනවලදී කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.








