දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්කේ මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 – 80 දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම , ලබන 16 වනදා තෙක් එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.








