FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු අද (13) රැස් වෙති..

 

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී අද (13) පස්වරු 06 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

මෙහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ කැමැත්ත ඇති බවට පාර්ලිමේන්තුවේදී ඊයේ (12) සම්මත කරගත් යෝජනාව පිළිබඳව ද සාකච්ඡා කෙරෙන බව ඔහු පැවසීය.

එමෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවය.