FAST NEWS

24×7 Around the Globe

රනිල්ට සහාය පල කිරිමේ යෝජනාව ජවිපෙට අදාළ නෑ

 

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරිමේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණට අදාළ නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (12) පාර්ලිමේන්තුව අමතමීන් සඳහන් කළේය.

” රනිල් කිසිසේත්ම ඔය පුටුවට ඕන කියන නිර්ණායකය අපිට නෑ. රනිල් හෝ මහින්ද ඔය පුටුවේ වාඩිවීම ගැන පුද්ගලික ප්‍රශ්ණයක් අපිට නෑ. තිදෙනෙනක් එකතු වී කුමන්ත්‍රණකාරි පාලනය බලයක් අත්පත් කර ගැනිම තමයි අපිට තිබෙන නිර්ණායකය.

ඔක්තෝබර් 26 දාට අපි විරුද්ධ වන්නේ එම ආදර්ශය නැවත ඇතිවීම වැළැක්වීමටයි. එය ආරම්භ වූ තැනම පරාජයට පත්කළ යුතුයි. එම කුමන්ත්‍රණය පරාජය කරන හැම පියවරකම අපි ඉන්නවා.”