පාර්ලිමේන්තුව පස්වරු 01.00 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ විය.
රනිල් වික්රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.
එසේම සන්ධාන මන්ත්රී කණ්ඩායම අද (12) දිනයේ ද පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කර තිබේ.
පාර්ලිමේන්තු රැස්වීමට පෙර අද (12) පෙරවරු 11.30 ට පක්ෂ නායක රැස්වීමක් කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පැවති අතර එම රැස්විමටද එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් සහභාගී වි නොමැත.








