FAST NEWS

24×7 Around the Globe

අගමැති හා ඇමති මණ්ඩලයට එරෙහි පෙත්සම ජනවාරියට කල් තබයි..

 

අග්‍රාමාත්‍ය ධූරය සහ අමාත්‍ය ධූර අභියෝගයට ලක් කරමින් රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නැවත සලකා බැලීම ලබන මස 16, 17 සහ 18 දක්වා කල් තැබීමට පියවර ගෙන ඇත.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වන තෙක් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේත්, කැබිනට මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් මේ වන විට තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ..

අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ නියෝජිතයින්ට එහිදී නොතීසිද නිකුත් කෙරුණි.