FAST NEWS

24×7 Around the Globe

අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48 දී වර්ධනය වන ලකුණු..

 

මේ දිනවල දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 48ක කාලය තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ධීවර කටයුතු වලට යෙදෙන්නන්ට සහ නාවුක ප්‍රජාවට මේ පිළිබදව අවධානය යොමුකරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල අද වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන අතර තරමක ශීත කාලගුණ තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.