FAST NEWS

24×7 Around the Globe

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්…

 

2018 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (12) අවසන් වීමට නියමිතය.

විභාගය අවසන් වූ පසු එම මධ්‍යස්ථානවල හෝ පරිශ්‍රයන්හි කලහකාරී අන්දමින් හැසිරුනහොත් හෝ පොදු දේපලවලට හානි සිදුකළහොත් දැඩි දඬුවම් පමුණුවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විභාග මධ්‍යස්ථාන අවට ජංගම මුර සංචාර යෙදවීමට ද පොලීසිය කටයුතු කර ඇත.

ඒ සම්බන්ධයෙන් ශාලාධිපතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදීමට ද පියවර ගත් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.