අද (11) සිට කටුනායක ගුවන්තොටුපළ-කොළඹ කොටුව මාර්ගයේ මාර්ග අංක 187 දරණ පෞද්ගලික බස් රථ ධාවකයෝ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ, වායු සමනය කළ පෞද්ගලික බස්රථවලට කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සහ සාමාන්‍ය සේවා මාර්ගයේ ධාවනය කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අවසර ලබාදීම හේතුවෙන්.








