චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (11) නියම කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී වෙයි.
එක් විත්තිකරු රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප මත මුදාහැරීමට නියම කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එක් එක් විත්තිකරුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් ද නියම කර ඇත.
ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයකු විත්තිකරුවන්ගේ ළඟම ඥාතියෙකු විය යුතු බව ද නඩු තීන්දුවේ සඳහන් විය.
එමෙන්ම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන පෙර වැරදි පිළිබඳ වාර්තාවක් කැඳවන මෙන් ද මහාධිකරණ විනිසුරුවරයා පොලීසියට නියම කළේය.








